පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට ද වන්දි ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව එම ගොවි ජනතාවට නිසි වන්දියක් ලබා දීම සඳහා නිලධාරීන් විසින් ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

