ලංගම ගැටළු ඉදිරිපත් කරන්න දුරකථන අංකයක්

ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු කේන්ද්‍රයක් හදුන්වාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව 1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර එරන්ද දිල්හාන් මහතා සඳහන් කළේ.

මේ අතර සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.