ආනයනික අර්තාපල් සඳහා පනවා තිබූ කිලෝග්රෑමයකට රුපියල් 50ක් බැගින් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වූ එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ක්‍රියාත්මක වනු ඇත.
මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

