ආනයනික අර්තාපල් බද්ද තවත් දීර්ඝ කරයි

ආනයනික අර්තාපල් සඳහා පනවා තිබූ කිලෝග්‍රෑමයකට රුපියල් 50ක් බැගින් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වූ එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ක්‍රියාත්මක වනු ඇත.

මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.