පළාත් පාලන ආයතනවල කම්කරුවන් ස්ථිර කිරීමේ වැඩපිළිවෙලක්

පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතනවල එවැනි කම්කරුවන් 8,000ක් පමණ සිටින අතර ඔවුන් සියල්ල ස්ථිර කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති බවයි සඳහන් කරන්නේ.

අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් ස්ථීර කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.