පසුගිය අගෝස්තු මාසය තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක ආදායමක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7 කි.
එය 2022 වර්ෂයේ එම කාලයට සාපේක්ෂ ව 74.4% ක වර්ධනයක් බව යි මහා බැංකුව පෙන්වා දෙන්නේ.
එසේම සැප්තැම්බර් මස මුල වන විට 2023 වසර තුළ විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ද වාර්තා වේ.

