සැප්තැම්බර් මස 15 වැනිදා දුෂණ විරෝධී පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීමේ දිනය ලෙස නියම කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වැනිදා සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
එසේම අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

