බයිඩන් සහ මෝදී දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන්

මේ සති අන්තයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත G20 සමුළුවට සහභාගී වීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉන්දියාවට පැමිණ තිබෙනවා.

එම සමුළුවට පෙර රටවල් වල නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡා අතරතුර දී ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතා පුළුල් කර ගැනීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව දෙරටේම නායකයන් සඳහන් කර තිබෙනවා.

එහි එක් පියවරක් ලෙස Quad සංවිධානයේ සාමාජිකයන් ලෙස, නිදහස් මෙන්ම විවෘත ඉන්දු පැසිෆික් සබඳතාවක් සඳහා සිය සහයෝගය ලබා දෙන බව ට බයිඩන් සහ ඉන්දියානු රජය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

කෙසේවෙතත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ චීනයට එරෙහිව ඉන්දියාව උසි ගැන්වීමට ඇමරිකාව කටයුතු කරමින් සිටින බවයි.