දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක්, ලබන දෙසැම්බර් උත්සව සමය වන විට රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
සංගමයේ සභාපති සඳහන් කරන්නේ කුකුළු මස් වල හිඟයක් නොමැති බවත්, සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයන් ද උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේ දී ද හිඟයක් ඇති නොවන බවත් ය.
එසේම වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා

