සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව කිරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් , සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 230 ක්, නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220 ක් සහ රතු කැකුළු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 210 ක් ලෙස දක්වා තිබෙනවා.
මෙම සඳහන් කරන ලද මිල ගණන් වලට සහල් අලෙවි කරන ලෙස වෙළඳුන්ට දැනුම් දී ඇති අතර එසේ නොමැතිව වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් සිදු කරන බවත්, ඔවුන්ට එරෙහිව නිතිය තදින් ක්රියාත්මක කරන ලෙසත් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

