දැනට සිදු කර ඇති වැටලීම් වලට අනුව කාල එනම් 180ml මධ්‍යසාර බෝතල් 43,776 ක ම ව්‍යාජ ස්ටිකර් අලවා ඇති බවට තහවුරු වී තිබෙන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් මේ වන විට එම වරදකාර සමාගම් වෙත රුපියල් පන්කෝටි 20 ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති බවත්, ඒවා නොගෙවන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර සමබන්ධව නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
ව්‍යාජ ස්ටිකර් සහිතව අත්අඩංගුවට ගෙන ඇති මුළු මධ්‍යසාර බෝතල් ගණන ලක්ෂයකට ආසන්න වන බවයි වාර්තා වෙන්නේ.

