නිරිත දිග මෝසම සැප්තැම්බර් අග දක්වා

දිවයිනට දැනට බලපා ඇති නිරිත දිග මෝසම් කාලය සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට මෙම කාල පරිච්ඡේදය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ ඇති වර්ෂාපතනය අඩු වැඩි වෙමින් පවතින අතර ලබන 10,11 යන දිනවල සාපේක්ෂව තරමක තද වැසි නිරිතදිග කොටසේ බලාපොරොත්තු විය හැකි බවයි දැනුම් දෙන්නේ.

විශේෂයෙන්ම සමහර ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබීය හැකි බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ.