හොංකොං සහ දකුණු චීනයේ නගර කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ ඒ සමඟ දරුණු ගංවතුර තත්ත්වයක් ද ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.
හොංකොං හි උමං දුම්රිය මාර්ග මෙන්ම අනෙක් විදී ද ජලයෙන් යට වී ඇති අතර කඳුකර ප්‍රදේශ වල නායයෑම් ද වාර්තා වී තිබීම හේතුවෙන් කාර්යාල සහ පාසල් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඇති වූ ආපදා තත්ත්වයෙන් තුවාල වූ පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවත් මේ වන විට හොංකොං හි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ මෙම වර්ෂාව වසර 140 කට පමණ පසු හොංකොං නගරයට බලපෑ වැඩිම වර්ෂාපතනය වන බවයි එරට කාලගුණික කාර්යාංශ සඳහන් කරන්නේ.
එදින රාත්‍රියේ පැයට මිලිමීටර 158.1 ක වර්ෂාපතනයක් හොංකොං වලට ලැබී ඇති අතර ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ යම් අඩු වීමක් පෙන්නුම් කරන බවයි බලධාරීන් දැනුම් දෙන්නේ.

