අද ඩොලරයට ලැබුණු වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 316.27 සිට රු. 316.71 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ඩොලරයේ විකුණුම් මිල රු. 328.06 සිට රු. 327.99 දක්වා පහළ ගොස් තිබෙනවා.