අස්වැසුම දෙවන අදියරයේ මුදල් බැංකු වෙත

අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරය යටතේ තහවුරු කරගත් ප්‍රතිලාභීන් 257,170ක් සඳහා ජුලි මාසයට අදාළ ගෙවීම් මේ වනවිට බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මෙලෙස රුපියල් මිලියන 1,550ක මුදලක් බැංකු වෙත බැර කර ඇති අතර ප්‍රතිලාභි ගිණුම්වලට හෙට දිනය වන විට එම මුදල් බැර වනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙහි පළමු අදියරයේ ප්‍රතිලාභි පවුල් 790,000කට ගෙවීම් සිදු කළ අතර ඒ අනුව ජුලි මාසය තුළ ප්‍රතිලාභ ලබා දී ඇති සමස්ථ පවුල් සංඛ්‍යාව දස ලක්ෂ 48,170 ක් වනවා.