රුසියානු ඩ්‍රෝන ප්‍රහාර වලින් එක් අයෙක් මරුට

යුක්රේනයේ ඔඩේසා හි ඉස්මයිල් ප්‍රදේශයට පැය 3 ක කාලයක් තිස්සේ එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලින් එක පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ කෘෂිකාර්මික සේවකයෙක් වන අතර වරාය සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් වලට ප්‍රහාරයෙන් හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නේටෝ සාමාජික රුමේනියාවට මායිම්ව ඇති ඩැනියුබ් ගංගාවේ ඉස්මයිල් වරාය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධාන්‍ය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වීමෙන් පසුව කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප්‍රධාන අපනයන මාර්ගයක් බවට පත්ව තිබෙනවා.

මෙම වරාය ඉලක්ක කර ගෙන රුසියාව විසින් මෑත සතිවල ප්‍රහාර කීපයක්ම එල්ල කරනු ලැබුවා.