2022 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම් ව විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට ඒ සඳහා අයදුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළා.
ඒ අනුව ලබන සැප්තැම්බර් 14 වන දින සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් සහ එම අත්පොත පලයලත් පොත්හල් මඟින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
2022/20233 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයට අයදුම් කිරීමට සිසුන් 45,000 ක පිරිසක් සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

