නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා පාසල් වල පිහිටුවා ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ලබා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
21 වන සියවසට ගැලපෙන පරිදි අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමේ මූලික පියවර මේ වන විට ගෙන ඇති බවත් ඒ සඳහා විදෙස් රටවල අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ද අදහස් ලබා ගන්න බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
එසේම සිසුන්ට තම අනාගතය සැලසුම් කිරීමට අවශ්‍ය විෂය ක්ෂේත්රය තෝරා ගැනීම සඳහා ඉදිරියේ දී අවම වශයෙන් තවත් විශ්වවිද්‍යාල 10 ක් පමණ මෙරට ස්ථාපනය කිරීමට නියමිත බවයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

