කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අද සිට දින 3ක් විවාදයට

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගොනු කරන ලද විශ්වාසභංග යෝජනාව අද සිට දින තුනක් විවාදයට ගැනීමට නියමිත ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි පිරිහීමකට ලක් වීම හේතුවෙන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඇති අතර රජයේ රෝහල්වලින් ලබා දුන් විවිධ ඖෂධ හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිපදෙනෙක් ද මේ සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එසේම සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව අත්සන් කළ ජනතා පෙත්සම ද අද පාර්ලිමේන්තුවට භාර දීමට නියමිත බවයි සමඟි ජන බලවේගය සඳහන් කරන්නේ.