කළුගඟ සහ නිල්වලා ගඟ ස්ථාන දෙකක දී පිටාර ගැලීම හේතුවෙන් ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කළුගඟ, මිල්ලකන්ද ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර නිල්වලා ගඟ, තලගහගොඩ ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබේ.
එසේම කළුගඟ රත්නපුර ප්රදේශයෙන් ද ගිංගඟ බද්දේගම ප්රදේශයෙන් ද සහ නිල්වලා ගඟ පානදුගම ප්රදේශයෙන් ද අවධානය යොමුකළ මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
අධික වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ඉහළ ජල මූලාශ්රයන් වෙත දිගින් දිගටම වර්ෂාව ලැබීම හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් ද විවෘත කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

