දුම්රිය සහ බස්රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක්

ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන්වල සේවකයින් විසින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවෙන් ඒවා පාඩු ලැබීම වලක්වා ගැනීම සඳහා මෙම පියවර ගනු ලබන බවයි ඔහු සඳහන් කරන්නේ.