උතුරු කොරියානු නායකයා පුටින් හමුවීමේ අපේක්ෂාවෙන්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට මේ මාසයේ රුසියාවට යාමට සැලසුම් කර ඇති බව BBC වාර්තා කරනවා.

මෙම හමුවේ දී යුක්රේන යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාව මොස්කව් වෙත ආයුධ සැපයීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව යි එය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙම හමුව පැවැත්වෙන ස්ථානය හෝ දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දන්වා නොමැති අතර උතුරු කොරියානු නායකයා දුම්රිය භාවිතයෙන් රුසියාවට යාමට සැලසුම් කර ඇති බවයි සදහන් වෙන්නේ

කෙසේවෙතත් යම් හෙයකින් උතුරු කොරියාව විසින් රුසියාවට ආයුධ සැපයුවහොත්, උතුරු කොරියාව සඳහා සම්බාධක පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා බවයි එක්සත් ජනපදය අනතුරු ඇඟවූයේ.