Pirola හෙවත් BA.2.86 ලෙස නම් කරන ලද නව කොවිඩ් ප්‍රභේදයක් එක්සත් ජනපදය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.
Pi සහ Rho යන ග්‍රීක අක්ෂර වල එකතුවෙන් සැකසුනු නමක් දරන මෙම නව ප්‍රභේදය Omicron හි ප්‍රභේදයක් වන XBB.1.5 හා සසඳන විට විකෘති 30 කට වඩා දරන ප්‍රභේදයක් ලෙසයි හඳුනා ගෙන තිබෙන්නේ.
සෞඛ්‍ය අංශ වලට අනුව අගෝස්තු මස 23 වන දින වන විට එක්සත් ජනපදයෙන් මෙම වෛරස ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් අවස්ථා දෙකක දී අනාවරණය වී තිබෙනවා.
එසේම ඩෙන්මාර්කය, දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය යන රටවල් වලින් ද ආසාදිතයන් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

