ලංවිම රැකියාවල සුරක්ෂිතතාව ගැන ඇමති සහතික වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මඟින් කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමිවීමක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ දිනවල මානව සම්පත් විගණනයක් සිදුවන බවත්, ඉන් පසුව ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම් සහ ස්ථානගත කිරීම් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එසේම ඉදිරියේ දී ලබාදෙන දීමනා මෙන්ම උසස්වීම් කාර්ය සාධනය මත පමණත් සිදුකිරීමට ද පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණයවීමට වසර 07ක සිට බලාපොරොත්තුවෙන් සිටින තාවකාලික පදනමින් සේවය කරන පිරිසේ නියෝජිතයින් හමුවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.