අද අලුයම යුක්රේනයේ ඔඩේසා කලාපයේ දකුණු ප්‍රදේශවල පිහිටි වරාය ආශ්රිත ප්‍රදේශ වලට රුසියාව විසින් පැය 3 හමාරක පමණ කාලයක් තිස්සේ ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වෙනවා.
ප්‍රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි යුක්රේන බලධාරීන් සඳහන් කරන්නේ.
රුසියාව විසින් දියත් කරන ලද ඉරානයේ නිෂ්පාදිත ෂහෙඩ් ඩ්‍රෝන යාන 25 න් 22 ක් ම බිම හෙලීමට යුක්රේන ගුවන් ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි Andriy Yermak ප්‍රකාශ කර තිබෙන්නේ ලෝකයේ ආහාර අර්බුදයක් සහ සාගතයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් යුක්රේනය විසින් මෙලෙස වරාය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවයි.

