අනිවාර්යයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ කරනවා – සජිත්

තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමට එක්වෙමින් ඔහු සදහන් කළේ වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු වුවත් පසුගිය දිනවල එවැන්නක් ක්‍රියාත්මක නොවුණු නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට අදාළ දායකත්වය ලබා දීම සිදුකරන බවයි.

එසේම නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුළින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර වී මිල සූත්‍රයක ඇති කර දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.