2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදුන් පිරිසක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරනවා.
උන් වහන්සේ සඳහන් කළේ මෙම ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ‘අබු හින්ද්’ නමැති පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
එසේම අබු හින්ද් පිළිබඳ සාක්ෂි අනාවරණය වූ විට ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන් පස් දෙනාගෙන් එක් අයෙකු එම නම සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා කළ අතර මේ හේතුව නිසා උන් වහන්සේ ප්රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධ තොරතුරු සෙවීමට කටයුතු කරන බවයි අවධාරණය කළේ.

