පාකිස්තාන ක්‍රිකට් ආයතනය (PCB) විසින් ආසියානු කුසලානය නැරඹීමට පැමිණෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රවේශපත්‍ර පැකේජයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරඟයේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 1500 ක් ලෙස සටහන් කර තිබෙනවා.
එසේම ඉන්දු-පාකිස්තාන සහ ඉන්දියා-නේපාල ක්‍රිකට් තරග ද්විත්වය සඳහා රුපියල් 2560ක වටිනාකමකින් යුතු සුවිශේෂී ප්‍රවේශපත්‍ර පැකේජයක් ද හඳුන්වා දී තිබෙනවා.
මෙම ප්‍රවේශ පත්‍ර මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගණයේ සහ කොළඹ විද්‍යා මාවතේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුළු තුළින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

