බංගලාදේශ ණය මුදලින් තවත් කොටසක් පියවයි

ශ්‍රී ලංකාව විසින් බංගලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එහි දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් එලෙස ගෙවා ඇති බව යි සඳහන් වෙන්නේ.

පසුගිය මාසයේ දී මෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණි.

එසේම මෙම ණය පහසුකමෙහි ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවිය යුතු බවයි Bangladesh Bank හි විධායක අධ්‍යක්ෂ Mesbaul Haque පවසා ඇත්තේ.