සජබෙන් කෙහෙළියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද විසඳීම සඳහා පියවර නොගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සමඟි ජන බලවේගය කටයුතු කර තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දුර්වල පරිපාලනය හේතුවෙන් එහි දිගින් දිගටම ඇතිවන ගැටළු පිළිබඳව අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔහු තම වගකීම් නිසි ලෙස ඉටු කර නොමැති බව සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.