ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සීමා කර ඇති පසුබිමක වුවත් විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන වාහන 6,900ක් ආනයනය කිරීමට රජය අනුමැතිය ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.
ආනයනය කරන ලද වාහන අතරින් 3,000ක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ඒවා වන අතර ඒවා ජීප් රථ සහ ත්‍රිරෝද රථ වන බවයි සඳහන් කළේ.
එසේම වාහන ආනයන තහනම ක්‍රමයෙන් ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, වාහන අමතර කොටස් ආනයනය කිරීමට පනවා තිබූ තහනම ද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ වාහන ආනයනය තහනම් කර තිබියදීත් වාහන 5000කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු ලබාදෙමිනුයි රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා මෙම අදහස් පළ කළේ.

