ලබන මහ කන්නයට පෙර වගා හානි සඳහා වන්දි

වියළි කාලගුණය හේතුවෙන් මෙම කන්නයේ හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ලබන මහ කන්නයට පෙර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

හානි වූ වගා බිම් සම්බන්ධයෙන් දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෙරෙන වගා හානි තක්සේරු කිරීම් අවසන් වූ වහාම එම වාර්තාව අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය අගෝස්තු 30 වන දා වන විට හානි වී ඇති වගා බිම් ප්‍රමාණය අක්කර 59,073 ක් වන අතර ඉන් පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 54,152 ක් වෙනවා.

වැඩිම හානි ප්‍රමාණයක් සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි