උද්ධමනය 4% දක්වා පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 අගෝස්තු මාසයේදී 4% දක්වා අඩු වී ඇති බවට වාර්තා වෙනවා.

පසුගිය ජූලි මාසයේ දී උද්ධමනය 6.3% ක් ලෙස වාර්තා වූ අතර අගෝස්තු මාසයේ දී එය 2.3% කින් පහත වැටී තිබෙනවා.

එසේම ආහාර කාණ්ඩයේ උද්ධමනය -1.4% සිට -4.8% දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 10.5% සිට 8.7% දක්වා ද අඩු වී තිබෙනවා.