රට පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ දී ය.
උතුර හා නැගෙනහිර පළාත්වල ඇතිවන ආගමික ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම අරමුණු කර ගනිමින් ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගේ ප්රධානත්වයෙන් කමිටු පිහිටු වීමට පියවර ගන්නා බවයි මහනුවර සිදුකළ සංචාරය අතරතුර ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

