මාස කිහිපයකට පසු මධ්‍යම කඳුකරයට තද වැසි

මාස කිහිපයකට පසු ඊයේ දිනයේ මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ වලට තද වැසි ලැබී තිබෙන බව වාර්තා වෙනවා.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි සාම්මිල්ලේ, ශ්‍රී පාද රක්ෂිතය සහ මස්කෙළිය යන ප්‍රදේශ වලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති නමුත් ජල විදුලිය උත්පාදනය කරන ජලාශ පිරී යාමට තරම් මෙම වැසි ප්‍රමාණවත් නොවූ බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කර තිබෙන්නේ.

අද පෙරවරු 8.30 න අවසන් වුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර එය මිලිමීටර 101 ක් වනවා.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින මෙම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී ත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.