2022 වසරේ රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කිරීමෙන් පසු මේ දක්වා කාලය තුළ රුසියානු භූමියට එල්ල වූ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය යුක්රේනය විසින් ඊයේ රාත්‍රියේ එල්ල කර තිබෙන බවට වාර්තා වෙනවා.
රුසියාවේ කලාප 06 ක් ඉලක්ක කරමින් මෙලෙස යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර Latvia සහ Estonia දේශසීමා අතර පිහිටා තිබෙන Pskov නගරයේ ගුවන්තොටුපොළේ නතරකර තිබූ හමුදා ප්‍රවාහන ගුවන් යානාවලට ද ඉන් හානි සිදුව තිබෙනවා
එම ස්ථානයේ ගුවන් ප්‍රවාහන ඒකකයක් කේන්ද්‍රගතව ඇති අතර IL -76 වර්ගයේ ප්‍රවාහන ගුවන්යානා 4කට හානි සිදුවී ඇති බවත් ගුවන් පථයට ද හානි සිදුවීම නිසා එහි සියලු ගුවන් ගමන් අවලංගු කර ඇති බවත් රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් එක අයෙක් තුවාල ලබා ඇති බවයි නගරයේ නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ ප්‍රකාශ කර තිබෙන්නේ.

