සම්පූර්ණ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයක් ගැන ජනපති කියයි

ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින අතර, තරගකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ, විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේම ලංකාව තවදුරටත් අන් රටවලට බරක් නොවිය යුතු අතර, කලාපයේ සෙසු රටවල් සිදුකළ අන්දමින් පවතින සම්පත් භාවිත කර රටක් ලෙස තනිව නැඟී සිටීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.