මෙවර යල කන්නයේ වී මෙට්රික් ටොන් ලක්ෂ 25 – 26 ක අස්වැන්නක් අපේක්ෂා කළ ද නියඟය හේතුවෙන් ඉන් මෙට්රික් ටොන් ලක්ෂ 2 ක පමණ ප්රමාණයක් හානියට පත් වී ඇතැයි කෘෂිකාර්මික අංශ ප්රකාශ කරනවා.
එම වගා හානිය බලාපොරොත්තු වූ අස්වැන්නෙන් 5-10% අතර ප්රමාණයක් වන අතර එමඟින් රටේ සමස්ත වී අස්වැන්නට සැලකිය යුතු බලපෑමක් නොවනු ඇතැයි සැලකෙනවා.
එසේම යල කන්නයේ සමස්ත වගා හානි ප්රමාණය අක්කර 20,000 කට වැඩි නොවනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්යංශය සඳහන් කරනවා.

