ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් (Meningococcal) නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා.
රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙකු බවට අනාවරණය වී ඇත.
ඔහු ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් ජනරාල් ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇති අතර එහිදී පරීක්ෂණ කිහිපයක් සිදුකර රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.
මේ වන විට ඔහු ගේ ආශ්‍රිතයන් 30කු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවර ගත් බවයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ. එම්. ගුණතිලක මහතා සඳහන් කළේ.
උණ, හිසරදය, බෙල්ල ප්‍රදේශයේ ඇති වන තද ස්වභාවය (Stiff neck) ආදිය මෙහි මූලික රෝග ලක්ෂණ වන අතර, වමනය, ඇස් ආලෝකයට වඩාත් සංවේදී වීම, අධික තෙහෙට්ටුව, මස්පිඩු වල වේදනාව යනාදිය ද මෙනින්ගොකොකල් ආසාදනයේ රෝග ලක්ෂණ වෙන්වා.
ආසදිතයෙක්ගේ ඛේටය හෝ ශ්වසන පද්ධතියේ ශ්ලේෂ්මල නිරෝගී පුද්ගලයෙක් හා ගැටීමෙන් පමණක් මෙම බැක්ටීරියාව ව්‍යාප්ත වන අතර ආශ්වාස ප්රශ්වාසයෙන් මෙය ව්‍යාප්ත නොවන බවයි හඳුනා ගෙන තිබෙන්නේ.

