ආසියානු කුසලානය සඳහා යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2023 ආසියානු කුසාලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ක්‍රීඩකයන් 15 දෙනෙක් ගෙන් සමන්විත එම සංචිතය පහතින්,

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස් – උපනායක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
මතීෂ පතිරණ
කසුන් රාජිත
දුෂාන් හේමන්ත
බිනුර ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්

මීට පෙර සංචිතයට නම් කර සිටි වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, දිල්ශාන් මධුෂංක සහ ලහිරු කුමාර තුවාල ලබා ඇති බැවින් අවසන් කණ්ඩායම සඳහා තෝරා නොගත් බව යි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.