නියඟය නිසා වැව් 10,000 ක් සම්පූර්ණයෙන් සිඳී යයි

පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට වැව් 10,000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම සිඳී ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ද 35-40% දක්වා අවම මට්ටමකට පත් වී තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම සිඳී ගොස් ඇති වැව් මහ කන්නයේ වැසි ලැබීමට පෙර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද කටයුතු කරන බවත්, ඒ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබී ඇති ප්‍රතිපාදන යොදා ගන්නා බවත් හෙතෙම අවධාරණය කර සිටිනවා.