සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටළු විසඳීමට අගමැතිගෙන් පොරොන්දුවක්

ඉදිරි අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටළු වලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඊයේ අරලියගහ මන්දිරයේ පවතී සමෘද්ධි නිලධාරීන්ගේ මෙතෙක් විසඳුම් ලබා නොදුන් ගැටළුසම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී ය.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ තනතුරු හා සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීම, සමෘද්ධි නිලධාරීන් M.N. 02 වැටුප් තලයේ පිහිටුවීම, උසස්වීමේ ක්‍රමවේදයක් සැකසීම, සමෘද්ධි නියාමක සේවා කාලය සමෘද්ධි සංවර්ධන සේවා කාලයට එක කිරීම ආදී ගැටළු කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණු බවයි වාර්තා වෙන්නේ.