ව්‍යාපෘති සඳහා ගත් ණය ට්‍රිලියන 08 ක්

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යපෘති සඳහා ට්‍රිලියන 08 ක ණය ලබා ගෙන තිබුන ද, මේ වන විට ඉදි කරන ලද ව්‍යාපෘති වල වටිනානම ට්‍රිලියන 02 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ඔහු සඳහන් කරන්නේ මෙම ණය ප්‍රමාණයේ ඉතිරි 75% ක කොටසට සිදු වූ දේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලා කරුණු අනාවරණය කිරීමට ජාතික ජන බලව්ගය කටයුතු කරමින් සිටින බවයි.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුධයට දූෂිත පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන හේතු වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලබනවා.

මේ හේතුවෙන් සියලු අංශ වල සිදු වන දූෂණ නතර කිරීමකින් තොරව රට ගොඩ ගැනීම සිදු කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.