ඉන්දුනීසියාවේ බාලි මුහුදු කලාපයේ රිච්ටර් මාපංකයේ 7.0 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
එහි අපිකේන්ද්‍රය ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර 201 ක් උතුරින් සහ පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 518 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි යුරෝපිය – මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය වාර්තා කර තිබෙන්නේ.
මෙම මුහුදු පතුලට යටින් ඇති වූ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි වාර්තා වෙන්නේ.

