උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
වයස අවුරුදු 40 සම්පූර්ණ වූ පුද්ගලයින් සඳහා එම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන ලෙස සියලුම ප්රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් පත්රිකාවක් යවා ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ති මහතා සඳහන් කළේ.
ඒ අනුව යම් ග්රාම නිලධාරි කොට්ඨාසයක ස්ථිර පදිංචි සහිත, ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි, වයස අවුරුදු 40 ඉක්ම වූ මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ ශ්රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයැදුම් කළ හැක.

