ආසියානු කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවට ආදේශකයින් තිදෙනෙකු ආසියානු කුසලාන සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

2023 ආසියානු කුසලානය සඳහා සහභාගී වන නිල සංචිතය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් පහත ක්‍රීඩකයින් අවසන් 15 දෙනාට ඇතුළත් වනු ඇති බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

දසුන් ශානක ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා ,කුසල් මෙන්ඩිස් ,චරිත් අසලංක, සධීර සමරවික්‍රම,ධනංජය ද සිල්වා,දුෂාන් හේමන්ත,දුනිත් වෙල්ලාලගේ,මහේෂ් තීක්ෂණ.ප්‍රමෝද් මධුෂාන්,කසුන් රාජිත,ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ යන ක්‍රීඩකයන් දැනට ඇතුළත් කර තිබෙනවා.