ශ්‍රී ලංකා මහා බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

මාර්ගගත ක්‍රම මඟින් (online ඔස්සේ) සිදු කරනු ලබන මුදල් වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

මහ බැංකුව සඳහන් කර ඇත්තේ, වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.

එසේම යම් ව්‍යාපාරයක් හෝ වෙනත් යමක් සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු cbslgen@cbsl.lk යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම් දෙනවා.

එසේම ඔවුන්ගේ යම් ප්‍රචාරණ සම්බන්ධව ද මහා බැංකුව විසින් මෙම නිවේදනයේ දක්වා තිබෙනවා.