ප්‍රංශය පාසල් සිසුවියන්ට අබායා තහනම් කරයි

ප්‍රංශය රජයේ පාසල් වල සිසුවියන්ට අබයා සහ අනෙකුත් මුස්ලිම් ආගමික ඇඳුම් ඇඳ පාසලට පැමිණීම තහනම් කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම තහනම ලබන සැප්තැම්බර් 4 වෙනිදායින් ආරම්භ වන නව පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වන බවයි එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

පාසල තුළ පන්ති කාමරයකට කෙනෙක් යන විට එහි සිටින සිසුන් දෙස බලා ඔවුන්ගේ ආගම කුමක්ද යන්න හඳුනා ගැනීමට නොහැකි විය යුතු බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටින්නේ.

2004 වසරේ සිට එරට පාසල් තුළ හිජාබය එනම් හිස් ආවරණ පැළඳීම තහනම් කර තිබෙන අතර එරට රජයේ පාසල් ඇතුළු අනෙකුත් රජයේ ගොඩනැගිලි වල ආගමික සලකුණු ප්‍රදර්ශන ද තහනම් කර තිබෙනවා.