ශ්රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්රකාශ කරනවා.
උන් වහන්සේ පවසන්නේ මෙම ක්රියා හරහා විවිධ බලවේග වලට යටත් වෙමින් ශ්රී ලංකාවේ භුමිය විකිණීමක් සිදු කරන බවයි.
එසේම ඉතිහාසයේ යම් කාලයක ශ්රී ලංකාව විදේශ ජාතීන් වලට යටත් වුණේ නම් ඒ මේ රටේ නායකයන්ගේ පාවා දීම් නිසා බවයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

