වනජීවී පුරප්පාඩු 706 ක් පුරවන්න තවමත් කැබිනට් අනුමැතිය නෑ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 738 ක් ඇතත් ඒවායින් පිරවීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ පුරප්පාඩු 32 කට පමණක් බව වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.

එම අනුමැතියට අනුව අඩවි ආරක්ෂක තනතුරු 20 ක් සහ වන සත්තව නියාමක තනතුරු 12 ක් සීමිත බදනවා ගැනීමේ පදනම මත බඳවා ගැනීමට කටයුතු කරන බව යි අමාත්‍යවරිය සඳහන් කළේ.

එසේම දැනට වන සත්ත්ව අඩවි ආරක්ෂක තනතුරු 164 ක් සහ වන සත්ත්ව අඩවි සහකාර තනතුරු 123 ක් සහ වන සත්ත්ව නියාමක තනතරු 451 ක් පුරප්පාඩුව පවතින බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.